SPORT
Posts
- Get link
- X
- Other Apps
පාසල් ගීතය සිසු දරු සිත් මල් සිප් හිරු කිරණින් පුබුදා සුවඳ පිරූ මැදි මහ විදුහල් මව්ණි ගලේවෙල නැණ දූ පුතුන් තැනූ ලොව සිව් දෙස ඔබගේ කිතුගොස පතුරමු පාසල් මෑණියනේ....// ගුරු බස පිළිපැද පත පොත නොමඳව - උගෙන පඬුන් වන්නයි ගොවිබිම කෙළිබිම හුරු කර පිරිපුන් - ඔබෙ දරු කැල වන්නයි හෙට දින මේ සිරිලක් පොළොවේ - දිදුළන මිණි ඔබෙ දරු කැල වේ...// පටු අදහස් හැර අත්වැල් බැඳ සැම - සිරිලක නංවන්නයි මව්ණී ඔබේ දරු කැල යන එන තැන - ඔබෙ නම හොබවන්නයි දීප සියක් දහසක් දැල් වූ - මව්ණී මහ දීපය වන් වූ....//