පාසල් ගීතය

       සිසු දරු සිත් මල් සිප් හිරු කිරණින්

පුබුදා සුවඳ පිරූ

මැදි මහ විදුහල් මව්ණි ගලේවෙල

නැණ දූ පුතුන් තැනූ

ලොව සිව් දෙස ඔබගේ කිතුගොස

පතුරමු පාසල් මෑණියනේ....// 

ගුරු බස පිළිපැද පත පොත නොමඳව - උගෙන පඬුන් වන්නයි

ගොවිබිම කෙළිබිම හුරු කර පිරිපුන් - ඔබෙ දරු කැල වන්නයි

හෙට දින මේ සිරිලක් පොළොවේ     - දිදුළන මිණි ඔබෙ දරු කැල වේ...//

පටු අදහස් හැර අත්වැල් බැඳ සැම - සිරිලක නංවන්නයි

මව්ණී ඔබේ දරු කැල යන එන තැන - ඔබෙ නම හොබවන්නයි

දීප සියක් දහසක් දැල් වූ - මව්ණී මහ දීපය වන් වූ....//



Comments